gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

18 ට අඩු දරුවන්ට වාහන දෙන දෙමව්පියන්ටත් වැඩ වරදින ලකුණු

වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රථවාහන පැදවීමට අවස්ථාව සලසන වැඩිහිටියන්ට එරෙහිව ද ක්‍රියා කිරීමට ඉදිරියේදී නීති සම්පාදනය කිරීම කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා. 

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර
කෝදාගොඩ සදහන් කළේ අවුරුදු 18 ට අඩු දරුවන් නීතිවිරෝධීව රථවාහන පදවා රිය අනතුරුවලට ගොදුරු වීමේ මෑතකාලීන ඉහළ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹෙන බවයි.

අධික වේගය නිසා තමන් පැදවූ යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තලාව - කිරලෝගමදී ඊයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු කිරලෝගම සුබෝදි විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

එම අනතුර පිළිබදව අදහස් දක්වමින් වෛද්‍ය සිසිර කෝදාගොඩ සදහන් කළේ දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් හට ද විශාල වගකීමක් පැවරෙන බවයි.

මේ අතර, මෙම වසරේ සැප්තැම්බර් 21 වනදා වනවිට මාරක රිය අනතුරු 2118 ක් වාර්තා වී ඇති බව පොලිසිය සදහන් කළා.

පසුගිය වසරේදී මාර්ග අනතුරු 2837 ක් වාර්තා වූ බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka