gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සංගාගේ සංදර්ශනය සමාප්තයි" ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨයා -සුපිරි සංගා වාර්තා පිට වාර්තා තබා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් සමු ගත් හැටි .!

ශ්‍රී ලංකාව බිහි කළ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවටත් සමු දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගිය සංගක්කාර එංගලන්ත සරේ කණ්ඩායම සමග එක්වී සිය පළමු පෙල ක්‍රිකට් දිවිය නැවත ඇරඹුවා. වාර්තා පිට වාර්තා තබා එංගලන්තයේදි දැඩි ගෞරවයකට පාත්‍ර වූ කුමාර් සංගක්කාර සිය වසර 20 ක පළමු පෙල
ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගෙන පළමු පෙල ක්‍රිකට් පිටියට සමුදුන්නේ එම තරගයේත් සරේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යමිනි.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 134 කට ක්‍රීඩා කර තිබූ සංගක්කාරගේ පළමු පෙල තරග සංඛ්‍යාව 259 කි. මෙම තරග 259 දී ඔහු විසින් ලබාගන්නා ලද ලකුණු සංඛ්‍යාව 20,862 කි. ඊට ශතක 64 ක් සහ අර්ධ ශතක 86 ක් ඇතුළත් වී තිබිණ.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින සංගක්කාර, තමාගේ අවසන් පළමු පෙළ තරගාවලිය මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය බවද, මෙම තරගාවලියෙන් පසුව තමා පළමු පෙළ තරග වලින් සමුගන්නා බවද කල්තියාම පවසා තිබුනි.

සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ඔහු සමර්සේට් ප්‍රාන්තයට එරෙහිව පසුගිය 22 වැනිදා අවසන් පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 157 ක් රැස්කරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 433 ක් දක්වා කැඳවාගෙන ගිය සංගක්කාර, දෙවැනි ඉනිමේදී ලකුණු 35 කට දැවී ගියේ මාක් බේස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි. එසේ වුවත් සරේ ප්‍රාන්ත පිල ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 142 ක ඉලක්කය කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කළේය. එක් එංගලන්ත ප්‍රාන්ත පලමු පෙල තරගාවලියක ප්‍රතීවාදී සියලු කණ්ඩායම් වලට එරෙහිව ශතකයක් රැස් කළ එකම පිතිකරු ලෙසද සංගා වාර්තා ගත වීම විශේෂත්වයකි.

වසර 3 ක කාලයක් සඳහා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එක්ව සිටි සංගක්කාරගේ ගිවිසුම් කාලයක මෙම තරගාවලියත් සමගම නිමාවට පත්වූ අතර තමාගේ සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක්ද තබා තිබිණ.

“මගේ අවසන් තරගයෙන් පසු මට සුබපැතූ සියලු දෙනාටම ස්තූතියි. අති විශේෂ ක්‍රීඩා සමාජයේ ආශ්වාදනීය වසර 3 ක් ගතකළා.” යනුවෙන් එහි සටහන් වී තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka