gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතර වසරේ සිසුවාට පන්ති භාර සර් අසැබි දසුන් පෙන්නලා

තන්තිරිමලය මහ සියඹලෑව අශෝක මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නැව හැවිරිදි බාලවයස්කාර සිසුවකුට ජංගම දුරකතනයේ ගබඩා කර ගත් අසභ්‍ය වීඩියෝ දර්ශන හා අසභ්‍ය ඡායාරූප පෙන්වූ 47 හැවිරිදි පන්තිභාර ගුරුවරයා තන්තිරිමලය පොලීසිය පෙරේදා (26) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින හතරකට පමණ ඉහතදී හතර වැනි ශ්‍රේණියේ පන්ති භාර
ගුරුවරයා සිසුවා ඔහු ආසන්නයට කැඳවා ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ අසභ්‍ය ලිංගික දර්ශන හා අද නිරුවත් හා නිරුවත් කාන්තා ඡායාරූප පෙන්වා ඇති බව පවසන පොලීසිය දරුවා පාසල නිමවීමෙන් අනතුරුව නිවෙසට ගොස් ඒ පිලිබඳ බාප්පාට පවසා ඇති බවත්, බාප්පා ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දනවා ඇති බවත් පැවසුවේය.

පසුව පොලිස් නිළධාරීන් සැකකාර පන්ති භාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඔහුගේ නවීන ජංගම දුරකථනය පරික්ෂා කළ අවස්ථාවේ එහි අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන 51 ක් තිබී සොයා ගෙන ඇත. සිසුවා සිය පන්ති භාර ගුරුවරයා සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා ඩි ඇති අතර, ඔහුගේ බාප්පාත් පොලීසියට ප්‍රකාශයක් ලබා දුන් බවත්, අත්අඩංගුවට ගත් ගුරුවරයා බිරියගෙන් වෙන්ව සිටින්නකු බවත් පොලීසිය අනාවරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka