උතුරු මැද පළාත් සභාවේ හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 10 දෙනෙකු අද (29) පොදු ජන පෙරමුණට එක්වුණා. ඒ, හිටපු පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත්ගේ නිවසේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, හිටපු අමාත්‍ය එස්.බී සේමසිංහ, හිටපු අමාත්‍ය කේ. එච් නන්දසේන, සරත් වීරසිංහ, කේ.පී.එස් කුමාරසිරි,
උපාලි විජේකෝන්, කල්යාණී කරලියද්ද, ටී.එම්.ආර් සිරිපාල, ජනක මහේන්ද්‍ර සහ අබ්දුල් හුසේන් මෙසේ පොදුජන පෙරමුණ සමග එක්වුණා.
මේ අතර නැගෙනහිර පළාත් සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු ද ඊයේ පොදුජන පෙරමුණට එක්වුණා.
උතුරුමැද ශ්‍රීලනිප මන්ත්‍රීවරු 10ක් පොදුජන පෙරමුණට
2017-09-29T12:13:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



