gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

1167 ක් එල්ලුම්ගස් පෝලිමේ… ඒ අතර කාන්තාවන් 37ක්…

විද්‍යා ඝාතකයන්ට මරණීය දණ්‌ඩනය නියම කිරීමත් සමඟ මේ වන විට මරණ දඬුවම නියම වී මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව එක්‌දහස්‌ එකසිය හැට හතක්‌ (1167) දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ අතර මරණ දඬුවම නියම වූ කාන්තාවෝ 37 දෙනෙක්‌ වෙති.

මරණ දඬුවම නියම වූ මෙම සිරකරුවන් අතරින් 826 දෙනකු දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවද මිනිස්‌ ඝාතන හා හෙරොයින් ජාවාරම සම්බන්ධ වැරදි හේතුවෙන් ඔවුන්ට එසේ මරණීය දණ්‌ඩනය හිමිවී තිබෙන බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

මෝදර කාක දූපතේදී 1998 වසරේදී සිදුවූ ඉන්දීය ජාතික රීටා ජෝන් නමැති විවාහක තරුණිය පැහැරගෙන ගොස්‌ දූෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්‌ඩනය නියම කරන වරදකරුවන්ට හිමි වෙමින් තිබූ පොදු සමා ක්‍රමය අහෝසි කිරීමත් සමඟ මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කෙරෙන සිරකරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ යන්නට විය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka