gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බාබුල්" කමින් ධාවනයේ යෙදෙන බස්‌ රියදුරෝ

මාර්ග අංක 138 කොට්‌ටාව - පිටකොටුව, හෝමාගම - පිටකොටුව සහ මහරගම - පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික බස්‌රථ සේවකයන් මත්ද්‍රව්‍ය පානය කර සේවයේ යෙදෙන්නේදැයි සොයා බැලීමට වැටලීම් සිදුකරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ අංක 04 ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

මෙම සේවකයන් වැඩිදෙනා බස්‌ රථ ධාවනයේ යෙදෙන අතරතුර
"බාබුල්" වැනි මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත් ඇතැම් බස්‌ රථ රියෑදුරන් "බාබුල්" නමැති මත් පැකට්‌ සුක්‌කානම මත තබාගෙන කටේදමාගන්නා බවටත් ඔවුන් චෝදනා කරයි.

තවද මෙම මාර්ගයේ සේවයේ යොදා ඇති සේවකයන් තාවකාලික සේවයේ යෙදෙන්නන් වන බවත් කිසිදු මාර්ග නීතියක්‌ හෝ අධිකාරියේ නියෝගයක්‌ හෝ ක්‍රියාත්මක නොකරන බවත්
එම අධිකාරිය පවසයි.

138 බස්‌ මාර්ගයේ කොට්‌ටාව, හෝමාගම, මහරගම, අතුරුගිරිය හා මත්තේගොඩ සිට පිටකොටුව දක්‌වා බස්‌ දහසකට අධික සංඛ්‍යාවක්‌ දිනපතා ධාවනය කෙරේ.

අංක 4 ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාර චානක ලංකානන්ද මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොට්‌ටාව බස්‌ නැවතුම්පළේ සිදුකරන ලද හදිසි විමර්ශනයකදී එහි සේවකයන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති බවට සාධක ගණනාවක්‌ සොයා ගත් බවයි



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka