gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාල වයසේ දැරියෝ පියවරුන්ගේ අතවරයට!

මවුවරුන්ගේ රැකවරණ නොලැබෙන සමහර පවුල්වල බාලවයස්‌කාර දැරියන් සිය පියවරුන් ගෙන් ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් සති දෙක තුළදී 13 හැවිරිදි වියේ පසු වන දැරියන් දෙදෙනකු පියවරුන්ගේ ලිංගික අතවරයට ලක්‌ වී ඇතැයි වැලිපැන්න හා
දොඩන්ගොඩ පොලිස්‌ වසම්වලින් කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට වාර්තා කර තිබිණි.

වැලිපැන්නේ පදිංචි දැරියකුගේ මව විදේශගත වී ඇතැයිද දොඩන්ගොඩ පදිංචි දැරියගේ මව ඇඟලුම් සේවිකාවක්‌ බවද මේ පිළිබඳව කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පැවැත් වූ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

දැරියන් දෙදෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බව පොලිසිය පවසයි.

සැකකාර පියවරුන් දෙදෙනා කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‌ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka