gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් නීති හෙට ඇරඹෙන ශ‍්‍රී ලංකා - පාකිස්ථාන පළමු සටනේ සිට බලාත්මක කෙරේ

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අලුතින් හඳුන්වා දුන් නව නීති ක‍්‍රියාත්මක වීම හෙට (28) සිට සිදු වනවා.

ඒ,  ශ‍්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිටයි.

නව නීතිවලට අනුව ටෙස්ට් තරගයක් සඳහා නම් කළ හැකි ආදේශක
ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මීට පෙර එම සංඛ්‍යාව 04ක්.

එමෙන්ම ක‍්‍රිකට් පිත්ත සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විශේෂ තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව මින් පසු ක‍්‍රිකට් පිත්තේ ඝණකම මිලි මීටර් 40 නොඉක්ම විය යුතුයි. එමෙන්ම පිත්තේ යට කොටසේ ඇති වක‍්‍රාකාර හැඩයේ ගැඹුර මිලි මීටර් 67 නොඉක්ම විය යුතුයි යන්න තවත් තීරණයක්.

ටෙස්ට් තරගයක දී කඩුල්ලක් බිඳ වැටීමෙන් පසු මෙතෙක් ලැබුණු විනාඩි දෙකේ විවේකය විනාඩි 03ක් දක්වා වැඩි කර තිබෙනවා.

තරගයක් අතරතුර කිසියම් ක‍්‍රීඩකයෙකු බරපතල ආකාරයේ යැයි හැඟෙන විෂමාචාර ක‍්‍රියාවක නිරත වුවහොත් ඔහුව ක‍්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමේ බලය විනිසුරුවරයාට පැවරෙනු ඇති.

විනිසුරු තීරණ යළි විමසීමේ ක‍්‍රමය මින් පසු පන්දුවාර 20 තරග සඳහා ද ඇතුළත් කිරීමටයි තීරණය කර ඇත්තේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka