gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

18ට අඩු ළමුන්ට වාහන දෙන මවුපියන්ට වැඩ වරදී

බාල වයස්කාර දරුවන්ට වාහන පැදවීමට ඉඩදෙන මවුපියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු යොදන බව මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරයි.

අවුරුදු 18ට අඩු සහ රියැදුරු බලපත් නොමැති දරුවන්ට ඇතැම් මවුපියන් හා භාරකරුවන් වාහන පැදවීමට ඉඩදීම නිසා ගතවූ කාලසීමාව තුළ
මාරාන්තික මෙන්ම බරපතළ අනතුරු ගණනාවක් සිදුව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මෙම අනතුරුවල වගකීමෙන් බැහැරවීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවද පෙන්වා දෙයි.

මෝටර් සයිකල් අනතුරකින් මිය ගිය තලාව ප්‍රදේශයේ බාල වයස්කාර සිසුවා ඊට ආසන්නතම සිදුවීම බව සභාපතිවරයා පවසයි.

මීට අදාළ නීති රීති පැනවීම සම්බන්ධයෙන් පොලිසිය නීතිපතිවරයා ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka