gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුණු අපරාධකරුවෙක් කෑම වෙලාවෙදී හිරෙන් පනී

බරපතල ගණයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 20කට වැඩි සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙක් දුම්බර බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බව වාර්තාවේ.

ඔහු සොයා මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති අතර ඊයේ පෙරවරුවේ දෛනික ගණන් ගැනීම සඳහා රැඳවූවන් වාට්ටුවලින් ඉවතට ගැනීමෙන්
පසුව උදෑසන ආහාරය ලබා දෙන අතරතුර
අදාළ සිරකරුවා බන්ධනාගාරයෙන් පළා ගොස් ඇත.

ලී වල ආධාරයෙන් තාප්පයට නැග මොහු මෙලෙස පළා ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර පළා යන ඔහුට ආරක්ෂක අට්ටාලයේ සිටි
බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඇති බවද පැවසේ.

එහෙත් ඔවුන්ගේ එක් අයෙකුගේ ගිනි අවිය  එම අවස්ථාවේදී  ක‍්‍රියාත්මකවී ද නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka