gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංගන ශිල්පී දසුන්ගේ මරණය ගැන ජංගම දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස් පරීක්ෂණ අරඹයි

නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්-ගේ  සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් සහ අනෙකුත්
තොරතුරු ඔස්සේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පිළියන්දල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති  අංශයට සදහන් කළේ.

මීට අමතරව ඔහුගේ සිය දිවි නසා ගැනීම පිළිබදව මෙම සිද්ධියට පෙර ලියූ ලිපිය සහ පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන් ද ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර, මිය ගිය රංගන ශිල්පි දසුන් නිශාන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිදුකෙරෙනවා.

 පන්නිපිටිය - පැලැන්වත්ත ප්‍රදේ්ශයේ නවාතැන්පළේ දී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන සිටි රංගන ශිල්පී දසුන් නිශාන්ගේ සිරුර සොයා ගනු ලැබුවේ ඊයේ(25) දහවල් කාලයේදියි.

ඔහු සිය දිවි හානි කර ගන්නා ආකාරය තමන්ගේ ජංගම දුරකථනයෙන්ම වීඩියෝගත කර තිබීම ද විශේෂත්වයක්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka