gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'කැච් එක අතහැරියොත් මැච් එක පරාදයි' - අගමැති.

“කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අත ඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආග්‍රමාත්‍යවරයා මේ බව පැවසුවේ,ඊයේ (22දා) ගාල්ලේ වැකුණුගොඩ 'නිල සෙවණ' පොලිස් නිල නිවාස 100 ක් භාරදීමේ උත්සවයේ
ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂත්, සිංහල, මුස්ලිම් දේශපාලන පක්ෂත් ඒකීය රාජ්‍යයක් අවශ්‍යයි කියන මතයේ නිතරම හිටියා. නමුත් පෙඩරල් ක්‍රමයක් ඕන කියලා ද්‍රවිඩ ප්‍රශ්නවලින් කිව්වා. උපරිම බලය බෙදාහැරීම පාර්ලිමේන්තුවට අමතරව සෙනට් සභාවක් ඇතිකිරීම. මදිපුංචිකම්වලට ඉඩ නොදෙන මානව හිමිකම් ක්‍රමයක් ඇති කිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, යුද්ධයෙන් අවතැන්වූවන් වහාම පදිංචි කිරීම කියන කාරණාවලට ප්‍රධාන පක්ෂ දෙක එකඟවෙනවා නම්, විසඳුමක් ලෙස ඒකීය රාජ්‍යයට හා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් එකඟ වෙනවා කියා සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ එකඟ වෙලා තියෙනවා.

අපි මේ ගමන ඉදිරියට ගෙනයන්න ඕන. මෙහෙයුම් කමිටුවෙන් අපි කරන්න ඕන දේ කළා. දැන් රටට ජනතාවට භාර දෙනවා ඉතිරි වැඩ ටික කරන්න. මේක අපිට ලැබෙන අවසන් අවස්ථාව. මෙතැනින් අපි ඉදිරයට ගිහින් මේ ප්‍රශ්න විසඳාගන්න ඕන. මේ අවස්ථාව අරගෙන අපි ඉදිරියට යන්න ඕන. මේ කැච් එක අල්ලා ගත්තොත් මැච් එක දිනනවා. කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරදිනවා. ඒ නිසා අපි කැච් එක අල්ලාගන්න ම ඕනෑ.” යැයි  පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka