gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොළොන්නරුවේ “ලීස්මනයිසීස්” වර්ධනයක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහිම වැලි මැස්සාගෙන් බෝවන “ලීස්මනයිසීස්”රෝගය පැතිරී ඇති බව පොලොන්නරුව වසංගත රෝග නිවාරණ වෛද්‍ය වයි.එස් චමින්ද සෙනෙවිරත්න පවසනවා.

ඉකුත් වසරේ දී “ලීස්මනයිසීස්” රෝගීන් 129ක් වාර්තා වී ඇති බවත් මෙම
වසරේ ජූලි මාසය අවසන් වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84ක් බවත් ඔහු පෙන්වාදෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිඹුලාගල, ඇළහැර හා තමන්කඩුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල මෙම රෝගය තරමක් විශාල ලෙස පැතිර පවතිනවා.

මෙම රෝගයට වැඩිපුරම ගොදුරුවන්නේ  පුරුෂයන් වන අතර එය  සියයට 75ක් පමණවනවා.

කාණ්ඩ ගෙන බැලූ විට වයස අවුරුදු 25 -50 අතර පසුවන්නන් ට මෙම රෝගය වැලදීමේ ප්‍රවණතාවක් තිබෙන බවද සොයාගෙන තිබෙනවා.

ලංකාවෙන්ම මෙම රෝගය බහුල දිස්ත්‍රික්ක ලෙස හම්බන්තොට, අනුරාධපුරය හා පොලොන්නරුව නම් දරා සිටින බවත් වැලි මැස්සාගෙන් බෝවන ලීස්මනයිසීස් රෝගයේ රෝග ලක්ෂණ දකින මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් එසේ නොවුනහොත් මාරාන්තික විය හැකි බවටත් වෛද්‍ය චමින්ද සෙනෙවිරත්න අනතුරු අඟවනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka