gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගා වසරේ 08වැනි ශතකයත් වාර්තා කරයි

කුමාර් සංගක්කාර මේ වසරේ වාර්තා කළ 08 වැනි ශතකයත් වාර්තා කිරීමට ඊයේ සමත්විය.

ඒ ඔහු එංගලන්ත පළමු පෙළ සිව්දින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් කල තරගයේ දීය.

සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරගයේදී
ඔහු මෙම ශතකය වාර්තා කළ අතර ඊයේ දිනයට තරගය නිමා කරන විට සංගා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.

සමර්සෙට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 269ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සරේ කණ්ඩායම කඩුලු 06ට ලකුණු 328ක් රැස්කරගෙන සිටියි.

සරේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම 13කදී ලකුණු 1396ක් රැස්කරගෙන ඇති සංගාගේ සාමාන්‍යය 124.45ක් ලෙස සටහන් වෙයි.

මේ වසරේදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා ලකුණු රැස්කළ අයුරු.
71, 46,136,105,114,120,200,84,4,26,180*,164,119*

-දිනමිණ




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka