gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවි ගබඩාව කඩා ගිනි අවි තොගයක් පැහැර ගනිති…

වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අවි ගබඩාව කඩා ගිනි අවි පහක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විල්ගමුව පොලිසිය කියයි.

ඊයේ(21) මධ්‍යම රාත‍්‍රියේ දී පමණ අවි ගබඩාව කඩා ටී 56 වර්ගයේ ගිනි
අවි 01 ක්, රීපීටර් වර්ගයේ ගිනි අවි 2 ක් හා ශොට් ගන් 2 ක් සොරගෙන ඇතැයි පොලිසිය කියයි.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුමේ සිට මීටර් 500 පමණ දුරින් පිහිටි මෙම අවි ගබඩාවේ අවි වස්ගමුව ජාතින වනෝද්‍යානයේ ආරක්ෂාව පිනිස යොදවා ඇති වනජීවී දෙපාර්ථමේන්තුවට අයත් අවි ගබඩාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ සහකාර පොලිස් අධිකාරී – 3 ජනත් වීරසිංහ,කොට්ඨාශ භාර පොලිස් අධිකාරි අයි.ටී.බී. සුගතපාල මහත්වරුන්ගේ උපදෙස් මත විල්ගමුව පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ඉලංගන්සේකර මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වති.

ලග්ගල ආසනය තුළ සිදුවු දෙවන ගිනි අවි සොරකම මෙය වන අතර මීට පෙර ලග්ගල පොලිසියේ අවි ගබඩාව කඩා ටී 56 වර්ගයේ ගිනි අවියක් සොරා ගැණුනු අතර පසුව එය පොලිසියට ආසන්න ස`දගල විහාරස්ථානයේ තිබි හමුවිය.

– ඉන්දික අරුණ කුමාර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka