gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ
අවසන් කර ඇති අතර එම පරීක්ෂණවලට අනුව සකස් කළ ලන්ච් ෂීට් කාලයක් කල් තබා ගත හැකි වන පරිදි සකස් කර තිබේ.

යුද හමුදා කෘෂි බෝග වගා කිරීමේ අංශය මගින් මේ වන විට වී සහ වෙනත් බෝග අක්කර දහස් ගණනක වගා කරන අතර ඒ ආකාරයටම එම භූමි වලත් ආරක්ෂක කඳවුරු යටතේ ඇති හිස් භූමි ප්‍රදේශවල කොළ පමණක් ලබා ගන්නා කෙසෙල් වගාව සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.

වස විස නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ආහාර රසය වැඩි කරන සුවදකින් යුත් කෙසෙල් කොළ වගාව මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ඇති කර එම කෙසෙල් කොළ ලන්ච් ෂීට් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

මෙතෙක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක කර නොමැති මෙම කෙසෙල් කොළ ලන්ච් ෂිට් ව්‍යාපෟතිය යුද්ධ හමුදා කෟෂිකර්ම අංශය මගින්ම පරීක්ෂණ කර සොයා ගන්නා ලද සාර්ථක ව්‍යාපෟතියක් වෙයි. ඉතා කෙටි කාලයකින් කෙසෙල් කොළ ලන්ච් ෂිට් පාරිභෝගිකයන්ට ලබා දීමට මේ වන විටත් ක‍ටයුතු යොදා තිබේ.

- දිනමිණ





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka