gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අල්ලස්‌ ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට පූජිත වල කපයි

පොලිස්‌ රථවාහන අංශයේ  ඇතැම් නිලධාරීන් රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

ඒ පිළිබඳව දැනුම් දීම සඳහා 071-7582222, 0715922020 දුරකථන අංක
භාවිතා කළ හැකිය.

රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජිත් ජයසුන්දර මහතා,

"පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප මේ වෙනකොට ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කර තිබෙන නිසා අල්ලස්‌ ලබා ගැනීමට අවශ්‍යතාවක්‌ නැහැ. රියෑදුරන් අපහසුතාවට පත්කර අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ නිලධාරීන්ට මගෙන් කිසිම සමාවක්‌ නැහැ.මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන් මට ලැබෙනවා. මම ඒ පිළිබඳ විමර්ශන පවත්වා වැරදි කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා" යනුවෙන් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka