gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් සිරමැදිරිය හාරාගෙන සැකකරුවෙක් පනී

අත්අඩංගුවට ගනු ලැබ සිටි සැකකරුවෙකු ඊයේ (22) රාත්‍රියේ පොලිස් සිරමැදිරියේ බිත්තියේ කුහරයක් හාරා පැනගොස් තිබෙනවා. 

මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

බුලත්සිංහල පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවකු ඊයේ රාත්‍රි (22)  7.30 ත් 8.00ත් අතර කාලය තුළ සිර මැදිරියේ වැසිකිලිය
ආසන්නයෙන් බිත්තිය කඩා කුහරයක් සාදාගෙන මෙලෙස පලාගොස් තිබුණා.

සැකකරු මතුගම පොලිසියේ නීති බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බුලත්සිංහල පොලිසියට බාරදී තිබුණා.

සැකකරු බැලීමට ඊයේ රාත්‍රියේ ඔහුගේ ඥාතින් පැමිණි අවස්ථාවේදී සැකකරු එහි නොසිටි අතර එහිදී සිද්ධිය අනාවරණය වී තිබෙනවා.

මෙලෙස පැණ ගොස් තිබූ සැකකරු අද පෙරවරුවේ යළි අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වයස අවුරුදු 29 ක් වනවා. අද දිනයේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka