gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරඟ සිහිනය සැබෑවෙයි

එංගලන්තය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟය එංගලන්තය හමුවේ පරාජය වීමට කොදෙව් කණ්ඩායමට සිදුවුණා.

කොදෙව් කණ්ඩායම ලද එම පරාජයත් සමඟ 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව,
පකිස්ථානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබෙනවා.

එංගලන්තය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය එංගලත්ය ජයගත්තේ කඩුලු 07කින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 42කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204ක්.

ජේසන් හෝල්ඩර් කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

ක්‍රිස් ගේල් ලකුණු 37ක් රැස් කළ අතර ෂායි හොප් ලකුණු ලකුණු 35යි.

ලකුණු 205ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර පන්දුවාර 30යි පන්දු 03කදී කදුලු 03ක් පමණක් දැවී තිබියදීයි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka