gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැන්දඹු ලේලියට ඇසිඩ් ගසා අමානුෂිකව මරා දැමූ මාමන්ඩි

සිය වැන්දඹු ලේලියට ඇසිඩ් ගසා මැරූ මාමන්ඩියෙකු පිළිබඳ කඩුවෙල- කොරතොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාමණ්ඩිගේ වයස අවුරුදු 74ක් වන අතර ලේලියගේ වයස අවුරුදු 33ක්.

මෙම කාන්තාවගේ සැමියා වන(ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ
පුත‍ා) මිට වසර කිහිපයකට පෙර මියගොස් තිබෙනවා.

පසුව ඇය සිය 7 හැවිරිදි දරුවාද සමග සැමියාගේ නිවසේ මාමණ්ඩි හා නැන්දම්මා සමග ජිවත් වී තිබෙනවා.

පසුගිය 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12ත් අලුයම 2ත් අතර කාලයේ දී එක්වරම තම ශරීරයට දියරයක් වැනි දෙයක් වැටුණු බව ඇයට දැනී ඇති බව සඳහන්.

ඒවා වැටුන ශරීරයේ ස්ථානයේ දැඩි වේදනාකාරී ස්වභාවයක් ගෙන තිබෙනවා.

ලේලිය කෑ ගසමින් දරුවාද රැගෙන මාර්ගයට පැමිණ ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් නවතා රෝහල් ගත වී ඇති බවයි ඇය මිය යාමට පෙර පොලිසියට දුන් ප්‍රකාශයේ දැක්වෙන්නේ.

ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර මිය ගියා.

දරුවාද, ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇසිඩ් ගැසූ සැකකරු වන 74 හැවිරිදි මාමණ්ඩිය පොලිසිය අත්අඩංගුවට ගත්තා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka