gossip lanka

ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයටයි සහෝදරයටයි ඇප

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති  ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරා රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (18දා) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ උපකාරක පංති ගුරුවරයෙකු වූ
ජිනේන්ද්‍ර රණසිංහ සහ ඔහුගේ සොහොයුරා වූ නුවන් රණසිංහ යන අයවය.

ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර සෑම ඉරිදාවකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔවුන්ට නියෝග කරුණි


gossip lanka