gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාර්යාල වේලාවේ අද සිට වෙනසක්

උදෑසන රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මකයි. 

රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව පළමුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා  ඕනෑම
වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ සැළසෙනවා.

එමෙන්ම ඔවුන් පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි.

කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka