gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනිසුන් පහෙන් එකක් මිය යන හේතුව මෙන්න

ලොව සිදු වන සෑම මරණ පහකින් එක්‌ මරණයක්‌ වැරදි ආහාර පුරුදු හේතු

වෙන් සිදුවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය හාතක්‌සේරුකරණය පිළිබඳ ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

සෑම රටක්‌ම ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී
හෙළිදරව් වී ඇත්තේ පරිපූර්ණ ධාන්‍ය, පලතුරු, ඇට වර්ග, මාළු තෙල් අඩු, ලුණු අධික ආහාර වර්ග අනුභව කිරීමට වැඩි දෙනකු පෙළඹී ඇති නිසා ඔවුන් අඩු වයසින් මියයැමේ දැඩි අවදානමක පසුවන බවයි.

ලැන්සෙට්‌ වෛද්‍ය සඟරාවෙහි පළකර ඇති අතර මෙම අධ්‍යයන වාර්තාවට අනුව ලොව පුරා මිනිසුන් අඩු වයස්‌වලදී මියයැමට හේතු කාරකවී ඇති දෙවැනි අධි අවදානම් සාධකය දුම්පානය,
අධික කොලෙස්‌ටරොල්, අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්‌ටම ඉහළ යැම, තාරබාරු බව කරා ළඟාවන අධික ශරීර ස්‌කන්ධ දර්ශකයක්‌ පැවැතීම යන සාධකයි.

වසර 2016 වනවිට ලෝක ජනගහනයෙන් 11% ක්‌ මන්ද පෝෂණයෙන් පෙළෙමින් සිටි බව අනාවරණය වී ඇති අතර ලොව පුරා සිදුවන මරණවලින් 72% ක්‌ තරබාරු බව හා දුර්වල ආහාර රටාව නිසා හටගන්නා බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව මෙහිදී හෙළි වී තිබේ.

ලොව පුරා අඩු වයසින් මියයැමට හේතු වී ඇති ප්‍රධානතම රෝගය හෘද රෝග බව අනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේද හෘද රෝගවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවෙමින්
පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

වසර 2016 දී ලොව පුරා කාන්තාවකගේ උපරිම ආයු කාලය වයස අවුරුදු 75.3 ක්‌වූ අතර පිරිමියෙකුගේ උපරිම ආයු කාලය අවුරුදු 69.8 ක්‌ විය. ලොව ඉහළම ආයු කාලය වන අවුරුදු 84 ක්‌ ජපානයෙන් වාර්තා වී තිබේ.

- දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka