හිටපු ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක සහ පානදුර ක‍්‍රීඩා සමාජයේ නායක චාමර සිල්වාට වසර 2ක තරග තහනමක් පැනවීම පිළිබඳ මේ වන විට මතභේදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ අනුව තරග තහනම පැනවීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා සමාජ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (18) පස්වරුවේ කැඳවා තිබෙනවා.
එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදු
කෙරුණු පරීක්ෂණ කමිටුවේදී මෙවැනි තීරණයකට එළඹීමට එකඟතාවයක් නොතිබුණු බවයි.
ඒ අනුව මෙම තීරණය ගත්තේ කාගේ අවශ්‍යතාවයක් මතදැයි සොයා බැලීම සඳහා මෙම විශේෂ විධායක කමිටු රැස්වීම කැඳවා තිබෙනවා.
හිටපු ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩක සහ පානදුර ක‍්‍රීඩා සමාජයේ නායක චාමර සිල්වාට සහ කළුතර ක‍්‍රීඩා සමාජයේ නායක මනෝජ් දේශප‍්‍රියට මෙලෙස වසර 2ක තරග තහනමක් පනවා තිබෙනවා.
කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අන්තර් සමාජ දෙවන පෙළ තරයකදී තරග පාවාදීමේ සිද්ධියකට මොවුන් වරදකරුවන් වීම නිසා මෙම තීරණයට එළැඹි බවයි.
අදාළ තුන්දින තරගයේ අවසාන දිනයේදී මෙම ක‍්‍රීඩා සමාජ දෙක පන්දු වාරයකට ලකුණු 10ට වැඩියෙන් රැස්කිරීම සහ දිනක් තුළ කඩුළු 24ක් බිඳවැටීම එම තරගය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට හේතුවුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණය ගත් බවද සඳහන් කෙරුණා.
චාමරට වසර 02ක තරග තහනමක් පැනවීම මතභේදකාරී වෙයි
2017-09-18T10:57:00+05:30
Gossip Lanka Hot News
slide|