gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩිපුරම සිය දිවි නසාගන්නා ප්‍රදේශය කටුගස්තොට

ශ්‍රී  ලංකාවේ වැඩිපුරම සිය දිවි නසාගන්නා පළාත  මධ්‍යම පළාත බවත් පොලිස්  කොට්ඨාශය කටුගස්තොට බවත් නවතම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ අනුව දිනකට අඩුම වශයෙන්  30 දෙනෙක්  දිවිනසාගන්න උත්සාහ
කරන බවත් එයින් 8 ක්වත් මිය යන බවත් ඔහු පවසයි.  රටේ දෙවෙනි අගනගරය මෙවැනි ඛේදවාචකයකට ලක්වීම බරපතල කරුණක් බව පවසන ඔහු තරුණ පරම්පරාවේ මනස සැහැල්ලු නොවීමත් ඔවුන්ගේ වේගය වැඩිවීමත් හේතු මෙම තත්ත්වයට හේතු ලෙස පෙන්වා දෙයි.

මේ තරම් පන්සල් පල්ලි කෝවිල් ඇති රටක, බණ ඇසෙන රටක, යාඥා කරන රටක මීට වඩා සාරධර්ම රැකිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

තවද මානසික මෙන්ම කායික යෝග්‍යතාව  සඳහා යෝග ව්‍යායාමවලට යොමුවිය යුතු බවත් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka