gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පස්ස දොරෙන් කරන වැඩ කැෆේ කීර්ති කියයි !

මැතිවරණයකට මුහුණ දීමට බියක් දක්වන රජය මැතිවරණය කල් දමා ගැනීමේ උපක්‍රම පස්සා දොරෙන් ක්‍රියාත්මක කිරීම  ලැජ්ජා සහගත තත්වයක් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ(18) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුලත් මිශ්‍ර‍ සමානුපාතික
ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයක් ඇති බව දැනගැනීමට ඇති බවයි.

මෙසේ කරන්නේ පළාත්  ඡන්ද ක්‍ර‍මය කල් තැබීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකගතාව ලබා නොගැනීම නිසා බව පැහැදිලි බවද තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම යෝජනාව අව්‍යාජ නියමිත කාර්ය පටිපාටිය අනුගමයන කරමින් ඉදිරිපත් කළා නම්, ඡන්ද කල් දැමීමට එරෙහි පුරවැසියන්ට, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වෙත අධිකරණයේ පිහිට ඇයැදිමට අවස්ථාව තිබුණු බව අවධාරණය කළ තෙන්නකෝන් මහතා කියා සිටියේ එම අවස්ථාව අහිමි කොට කූට අන්දමින් ඡන්ද විමසීම කල් දැමීම කිසිසේත්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලින් රිංගා යමින්, ජනතාවගේ ඡන්ද බලය, ජනතාවගේ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතිය වූ සර්වජන ඡන්ද බලය මංකොල්ල කෑමේ නීති සකස් කිරීම සදහා නොවන බව කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන් අතර අනෙක් අතට, ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරන පනතකට කිසි ලෙසකින් හෝ අදාළ නොවන කරුණු ජනතාවගෙන් වසන් කොට, ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් නොකර, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව හා මහජන සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමේ බැරැරුම් බව ද පෙන්වා දුන්නේය.  ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නොවන නීති පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති දේශපාලනඥයින්ට මෙමගින් පස්සා දොරන් සම්මත කර ගැනීම විනාශකාරී පූර්වාදර්ශයක් බවට පත්විය හැකි බව තෙන්නකෝන් මහතාගේ අදහසයි.

 මේ අයුරින් ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ලෙස ඡන්ද විමසීමේ නීති හොර රහසේ නීත්‍යානුකුල හා සදාචාරසම්පන්න නොවන අයුරින් සම්මත කර ගැනීම සම්පූර්ණයෙන්ම යහපාලන මූලධර්මවලට අනනුකූල බව සඳහන් කරමින් ගරු කථානායකවරයා වෙත, පාර්ලිමේන්තු මහලේකම් වරයා වෙත මෙන්ම නීතිපති වරයා වෙත  ලිපි යොමු කළ බව ද  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම උද්ගතවී ඇති තත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා පළාත් සභා/පළාත් පාලන මැතිවරණ සංශෝධන, නීති සංශෝධන පිළිබද ආංශික කමිටුවල සියලු සාමාජිකයින්ගේ රැස්වීමක් වහා කැදවා මෙම ක්‍රියාවලියේ නීත්‍යානුකුල භාවය පිළිබදවත්, එහි දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන පිළිබදවත් රාජ්‍ය සේවකයින්ගේ අදහස් ලබා ගන්නා මෙන් ද ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක රසාංග හරිස්චන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ වත්මන් රජය ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස මහජනතාවගේ පරාමාධිපත්‍ය අයිතිය උදුරාගැනීමට උත්සහ දරමින් සිටින බවයි. එම කූට උත්සහය ජයග්‍රහණය කරවීම සඳහා  ඉත්තන් විදිහට යොදවා ඇත්තේ ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා වැනි මහජන ඡන්දයෙන් තේරීපත් නොවූ මන්ත්‍රීවරුන් බවද හරිස්චන්ද්‍ර මහතා මෙහිදී පෙන්වා  දුන්නේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka