gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුනඛයකුට ආහාර වූ බිළිඳා අවසන් ගමන් යයි

නිවසේ සාලය මැද නිදා සිටී ඉපදී දින හතක් වයසැති සුනඛයකුට ආහාර වූ කුඩා බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසානභූමියේදි ඊයේ (18) දින පස්වරුවේ සිදු කෙරිණි .

අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය තිබුණේ කනිෂ්ක සදරුවන් නම් වූ
දින 7 ක් වයසැති කුඩා බිලිඳකුවෙයි .

ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලෙ අය ජීවත්වන නිවස පුංචි දරුවාගේ දේහය තබන්නට ඉඩ නොමැති නිසා ඔවුන්ගේ පවුලේ ඥාතියෙකුගෙන් නිවසක මෙම බිලිඳු මළ සිරුර තබා තිබිණි.

දේහය ළඟ හඬා වැටෙමින් මිය ගිය පුංචි දරුවාගේ මව වූ එච්.එම් . නිරෝෂා කුමාරි ( 24) මව හඬා වැටෙමින් තමන් දුටු සිය පුතාට අත්වූ ඉරණම පැහැදිලි කරමින් කියා සිටියේ තමන් පිටුපස කුස්සියේ ආහාර පිසීමට සූදානම් කර තිබියදී නිවසේ සාලය මැද පැදුරක් මත තම දරුවා නිදා සිටි බවත් දරුවාගේ කෙඳිරිලි හඬක් ඇසී තමන් පැමිණි බවය .

ඒ වනවිටත් බල්ලෙකු තමන්ගේ දරුවා සපා කමින් සිටින ආකාරය දුටු බව ය.

පසුව තමන් දරුවා ද රැගෙන අසල්වැසි නිවසකට දිව ගිය බව පැවසුවාය.

තම දරුවා ආහාරයට ගත් බල්ලා සුදු පැහැති බූල් රැසක් ඇති මීට කලින් කිසිදාක නොදුටු බල්ලෙකු බව පැවසුවාය.

සිය සැමියා වූ සම්පත් කුමාර (26 ) ඒ වනවිටත් කැලෑ වේ බබර කැපීම සඳහා ගොස් ඇති බව ඇය වැඩිදුරටත් කීවාය.

මෙම දරුවාගේ අවසන් කටයුතු ඉතා චාම්ව සිදුකරන ආකාරය දැක ගැනීමට හැකි විය. ගමේ විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර සීලරතන හිමියන් ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු කුඩා පෙට්ටියක තිබූ බිළිඳු සිරුර කනත්තට රැගෙන ගියහ .

නාමල්පුර ආසිරි ගම ගම්මානය ඉතාමත් දිළිඳු බවෙන් යුක්ත පවුල් දෙසීයක් පමණ ජීවත්වන ගම්මානයකි .

මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු සිය වෘත්තිය හැටියට සිදුකරනු ලබන්නේ කුලී වැඩ දඩයම් කිරීම මී පැණි කැඩීම ආදී බව ්රදේශවාසීහු පැවසූහ.

මෙම දරුවාගේ අවසන් කටයුතු සඳහා පැමිණ සිටි ගම්මුන් දෙ ස මෙන්ම ඔවුන්ගේ නිවෙස් දෙස බලද්දී දිළිඳු භාවය පිළිබඳව බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත.

නිසියාකාර ඇඳුමක් පැළඳුමක් හෝ නොමැතිව එදා වේල සරිකර ගන්නා මෙම ගම්මුන් කියා සිටියේ කැලෑවට ආසන්න ව පැවතීම නිසා ඇතැම්විට දඩයම් වලට හුරු කළ සුනඛයකු මෙම දරුවා ආහාරයට ගත්තේ ද යන්න යි සැක සහිත බව ය.

සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම නිවසේ ආසන්නයේ පදිංචිව සිටී කාන්තාවක් අප සමග කියා සිටියේ දරුවාගේ මව කෑගසාගෙන නිවසෙන් එළියට දිව යනවා සමග ගුරු පැහැති ලෝම හැලූණු සුනඛයකු තම නිවස දෙසට පැමිණි බවත් මීට පෙර එවැනි සුනඛයකු ම ප්රදේශයේදී දැක නොමැති බවය .

කෙසේ වෙතත් ගම්මුන් බොහෝ දෙනෙකු දඩයමේ යන බවට කීමට හෝ දඩයම් බල්ලන් ගමේ ඇතිකරන බවට ්රකාශයක් ලබාදීමට අකමැත්තක් දැක්වූහ .

නම් ගම් නොමැතිව කිහිප දෙනෙකුම අප සමග කියා සිටියේ මෙම ගම්මානයේ බහුතරයක් මෙන්ම මියගිය බිළිඳාගේ පියාද දින ගණනාවක් තිස්සේ කැලේ ගත කරන බවත් මී කැඩීම බඹර කැපීම හා දඩයමේ යැම රැකියාවක් ලෙස සිදු කරන බවත්ය.

මෙම අවමඟුල් උත්සවයේදී ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කළ රත්නපුර සීලරතන හිමියන් දේශනා කර සිටියේ වන සතුන්ට ගිණි බිඳින බොහෝ දෙනෙකුට මෙවැනි අඳුරු අත්දැකීම් වලට දුක් වලට පත් වන බව ය.

එම නිසා ගම්මානයේ සියලු දෙනාම මෙවැනි පව් වැඩ සිදු කරන්නේ නම් වහාම ඉන් අත් මිදිය යුතු බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka