gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වඳ සැත්කම කරන්නේ රිලවටද රිලවියටද?

මාතලේ කෑගල්ල වැනි බහුලව සුළු අපනයන වගාවන් සිදුකරන ප්‍රදේශවල රිලා ගහණය ඉහළ යාම මහත් ගැටලුවක් වී ඇති බව වාර්තාවේ.

රිළවුන් පොල්ගස්වලටද කරන හානිය බරපතල වී ඇති බැවින් පොල් හිඟතාවයත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල  රුපියල් 95 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව පැවසේ.

එබැවින් පොල් ගෙඩියටත් පාලන මිලක්‌ පැන වීමේ සූදානමක්‌ පවතී. ඒ අනුව පොල් ගෙඩියක්‌ විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 75 කි.

රිලවුන්ගේ ගහණය වැඩිවීම සම්බන්ධව කෑගල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්‌ඩාර මහතා පවසා සිටියේ අකමැත්තෙන් වූවත් රිලව් මරලා විනාශ කරන්න සිදු කරන්න වන බවයි. ආගමික සංවිධානවලින් බලපෑමක්‌ එල්ල වුවද ඊට වැඩිය මිනිස්‌ ජීවිත වටින බව ඔහු මෙහිදී සඳහන් කළේය .

දිසාපතිතුමා පැවසූ පරිදි කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ වගාව විනාශ කරන රිලා රංචු ප්‍රමාණය 2289 කි. මෙම රංචුවල රිලව් 77470 කි. ඒ අනුව එක රිලවෙක්‌ දිනකට එක ගසක්‌ විනාශ කළත්
ගස්‌ 7747 ක්‌ විනාශ කරන බව ද හෙතෙම සඳහන් කළේය.

නිවසේ උයන බත් මුට්‌ටිය උස්‌සාගෙන දුවන තරමට රිලා ගහණය වැඩිවීම නිසා මෙම රිලවුන්ට වඳ සැත්කම් කිරීමටද යෝජනාවක් විය. නමුත් ඒ සඳහා රුපියල් මිලියන 143 ක්‌ අවශ්‍යව ඇත. මූල්‍යමය පහසුකම් සපයා ගත්තද  සැත්කම රිලවාට කරනවාද රිලවියට කරනවාද යන ප්‍රශ්නයද කෑගල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී නැඟුනු  ප්‍රධාන ගැටලුවක් වී ඇත.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේද රිළා ගහණය වැඩි වීම බරපතල ගැටලුවක්ව ඇත. එහි මහදිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ නිල වාහනයේ පැති කණ්‌ණාඩිය පවා මෑතකදී
රිලවුන් ගලවාගෙන ගොස් ඇත.

ඒ අනුව වගා බිම් ගෙවතු පමණක් නොව නිවෙස් තුළටද කඩා වැදීමට තරම් රිළා ගහණය වැඩිවීම හේතුවෙන් ඊට කඩිනම් පියවරක් ගතයුතුව ඇත.

- දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka