gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට පොරොන්දුවක්

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේ දී ශ‍්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

ශ‍්‍රී ලංකාව සහ එහි ජනතාව සමග සමීපව කටයුතු කරමින් සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ආදර්ශමත් ජාතියක් ලෙස
නැගී සිටීමට උපරිම සහය ලබාදෙන බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සඳහා සහභාගී වීමට අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේ ජගත් සංවිධාන මහ ලේකම්වරයා මේ බව කියා සිටියා.

පැරිස් සමුළුවේ එකඟතාවන් ක‍්‍රියාත්මක කිරීමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සංවර්ධන ක‍්‍රියාදාමයට එක්කර ගැනීමට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා දක්වන උනන්දුව ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙනයන ක‍්‍රියාමාර්ග සඳහා ශ‍්‍රී ලංකා රජය කැපවී සිටින බවයි. ඊට ලෝකයේ සෑම රාජ්‍යයකම සහයෝගය සහ මිත‍්‍රත්වය අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

සංවර්ධන ඉලක්ක ජය ගනිමින් සංහිඳියා පිළිවෙතක් කරා ගමන් කරන ශ‍්‍රී ලංකාවේ වත්මන් ප‍්‍රගතිය දැකබලා ගැනීමට මෙරට සංචාරයකට එක්වන ලෙසද ජනාධිපතිවරයා ජගත් සංවිධාන මහ ලේකම්වරයාට මෙහිදී ඇරයුම් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka