gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණයේ නඩු ප්‍රමාදයන් වැළැක්වීමට යෝජනාවලියක්

අධිකරණයෙහි සිදුවන නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා දූෂණ විරෝධි හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික කාරක සභාවේ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 

පසුගියදා (21) පැවති උත්සවයකට සහභාගි වෙමින් විදුලිබල හා
පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා මේ බව පැවසීය.

අදාළ යෝජනාවලිය මාස 6ක් තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අධිකරණය විසින් යුක්තිය පසිඳලීමේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විවිධ වාද විවාද ගොඩනැඟී ඇති බව ද එනිසා මෙවැනි තීරණයකට එළඹි බව ද කියා සිටි පෙරේරා මහතා කාරක සභාව සති 2න් 2කට රැස්ව මේ සම්බන්ධයෙන් ප්‍රගතිය සඳහන් කළ යුතු බව ද පැවසීය.

මෙහිදී නීතිපතිවරයා, අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා එමෙන්ම නීතිඥ සංගමය ඇතුළු සාක්ෂිකරුවන් හා වාර්තාවන් කැඳවීමෙන් පසුව රටේ අධිකරණයේ පවතින ප්‍රමාදයන් පිළිබඳ ඉතාමත් විදිමත් ලෙස කරුණු සළකා බැලීමක් සිදු කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka