gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝලි ලෝකෙට ලොකු මතකයක් දෙන්න අද සුදානම්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් කෝලි සූදානමින් සිටියි. ඒ ඉන්දීය ඉන්දීය කණ්ඩායමක් පිට පිට වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් කරා මෙහෙයවූ නායකයා බවට පත්වෙමිනි.

මහේන්ද්‍ර සිං දෝනි 2008 වසරේදී පිට පිටම තරග 9 කදී ඉන්දීය
කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාව පිහිටුවා ඇති අතර විරාට් කෝලි මේ වන විට පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාවට තවත් ජයග්‍රහණයක් පසු පසින් සිටියි.

ඒ අනුව හෙට පැවැත්වෙන තරගයේදී ඕස්ටේ්‍රලියාව පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුවහොත් කෝලිට 2008 වසරේදී දෝනි විසින් පිහිටුවන ලද වාර්තාව සම කිරීමේ අවස්ථාව තිබේ.

මින් පෙර 2013 වසරේදීද කෝලි පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාව අභියසටම පැමිණියද, 9 වැනි තරගය පරාජය වීම නිසා එම වාර්තාව සම කිරීමේ අවස්ථාව ඔහුට මඟහැරී ගියේය.

කෝලිට අමතරව සෞරව් ගංගුලි 2003 වසරේදීද, රාහුල් ඩ්‍රාවිඩ් 2006 වසරේදීද සිය නායකත්වයන් යටතේ පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙයෙහවීමට සමත් වූහ.

මේ දිනවල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka