gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අමෙරිකාව දිවිනසා ගැනීමේ මෙහෙයුමක" - කොරියාව ආසන්නයට ආ අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා ගැන උතුරු කොරියාව ප්‍රතිචාර දක්වයි

තම නායක කිම් ජොං අන්ට රොකට් මිනිසා සහ උන්මත්තකයෙකු ලෙස හඳුන්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ අමෙරිකානු භූමියට උතුරු කොරියානු මිසයිල කැඳවීමක් වන බව එරට විදේශ අමාත්‍යවරයා ජගත් සංවිධානයේදී ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ උතුරු කොරියානු විදේශ ඇමති
රී යොන් හෝ කියා සිටියේ තම නායකයා නොව, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, දිවිනසා ගැනීමේ මෙහෙයුමක නිරතවන බවයි.

එමෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලය සම්පූර්ණවීමට තවත් ඇත්තේ පියවර කිහිපයක් පමණක් බව ඔහු කියා සිටියා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිව්ඩයක් තබමින් උතුරු කොරියානු විදේශ ඇමතිව හඳුන්වා දී ඇත්තේ පුංචි රොකට් මිනිසා යනුවෙනි.

මේ අතර අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් වෙන්කරන දේශසීමාව ආසන්නයට පියාසර කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka