gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කළින් පිටවෙලා ලු

මෙවර පරිපාලන සේවා තරග විභාගයේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි ඊට පෙනී සිටි අයදුම්කරුවන් සැක පළ කරනවා.

ඔවුන් පැවසුවේ බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයේදී මෙම අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූවෙක් සඳහන් කළේ "මම මේ ප්‍රශ්න පත්‍රය ලියලා ගෙදර
ඇවිත් ෆේස්බුක් එක බලද්දි දෙමල මාධ්‍යයෙන් ඒ ලියපු ප්‍රශ්න ටිකම අප්ලෝඩ් කරලා තිබ්බා. ඒ අංක භාවිතයෙන්ම ප්‍රශ්න 15කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. පස්සේ හොයලා බලද්දී දැනගන්න ලැබුණා ප්‍රශ්න 35ක් පමණ ඒ විදිහටම පොතක සටහන් කරලා තිබුණා කියලා. ඉතින් අපිට ලොකු සැකයක් තියෙනවා මේ විභාගයේදී මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවාද කියලා." යනුවෙනි.

පරිපාලන සේවා තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රය පැවැත්වුණේ ඉකුත් ඉරිදායි.

සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාරගෙන්ද විමසීමක් කළා.

ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවටද පැමිණිලි ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka