gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මවට පියාට වඳින්න දන්නැති උසස් පෙළ සිසුන්ට පොලිස් පාඩමක්

මවට වඳින ගාථාව කියන්න ….දන්නේ නෑ
පියාට වඳින ගාථාව කියන්න …. මුල් පද අමතකයි සර්.
ශ්‍රී ලංකාවේ අගමැති කවුද? රවී කරුණානායක

ඉහත දඳහන් කෙරුනේ ඉකුත් දිනක පෙරවරුවේ ගලේවෙල පොලිසියට පැමිණ සිටි ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ විදුහලක උසස් පෙළ පන්තියේ
අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකුගෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජානක වීරරත්න මහතා ඇසූ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු කිහිපයකි.

මෙම සිසුන් තිදෙනා පාසලේ පන්ති මගහරිමින් තැන් තැන්වල නිකරුණේ ගැවසෙමින් සිටීම නිසා ඔවුන්ගේ මවුපියන් හා විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත අවවාද කිරීම සඳහා පොලීසියට යොමු කර තිබිණි.

බෞද්ධ ළමයි වශයෙන් අම්මා තාත්තාට වඳින ගාථාව දන්නේ නැත්නම් කොයිතරම් ලැජ්ජාවක්ද? සාමාන්‍ය දැනීම බින්දුවයි. රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ දැනුමද මේ උප පොලිස් පරීක්‍ෂක වරයා සිසුන්ට අවවාද කිරීම ආරම්භ කරමින් පැවසීය.

ළමයිනේ මවුපියන් දුක් මහන්සියෙන් හරි හම්බකරලා ඔය අය පාසල් යවන්නේ ලොකු බලාපොරොත්තු ඇතිවයි. මේ විදියට හැසිරුණොත් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉටුකළ හැකිද? ඒ නිසා පාසල් නොගොස් නිකරුණේ ජීවිතය විනාශ කර ගන්නට එපා. විවිධ බලවේග ඔබලා බිලිගන්නට බලාගෙන ඉන්නවා. අන්තිමේදී වැරැදි වැඩවලට යොමු වී ඔබලා හිරේ විලංගුවේ වැටුණොත් ඇතිවන වේදනාව මවුපියන්ට ඉවසිය හැකි ද?

ඒ නිසා මවුපියන්ට හා ගුරුවරුන්ට කීකරුව හොඳට ඉගෙන ගෙන යහපත් පුරවැසියකු වීමට අධිෂ්ඨාන කර ගන්න.

හිටියොත් හොඳට හැඳි දෙවියොත් නමට වදී යන කියමන හිතට ගන්න
අනතුරුව සිසුන් තිදෙනා පොලිසියට පැමිණ සිටි ඔවුන්ගේ මවුපියන්ගේ දෙපා නැමැද පිටව ගියේ යළි කිසිම වැරැදි සිද්ධියකට පොලිසියට නොපැමිණෙන බව උප පොලිස් පරීක්‍ෂකවරයාට පොරොන්දු වෙමිනි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka