gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැත්කම මඟ හැරීමෙන් දියණියගේ ජීවිතය අවදානමේ...

හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ජීවිතය බේරා ගැනීමට හැකි තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තම දියණියට බද්ධ කිරීම සඳහා හදවතක් ලැබී තිබියදීත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්

තිදෙනකු සැත්කමට සහභාගී නොවී මඟ හැරීමෙන් තම දියණියගේ
ජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබෙන බව දක්වමින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පියා වන මහේෂ් කුමාර සෞඛ්‍යය ඇමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ති‍බේ.

ලිපියේ පිටපත් සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටද යොමු කළ බව ඒ මහතා කීය. නිර්වින්දන වෛද්‍යවරුන් තිදෙනා ශල්‍යය කර්මය මඟ හැරීම නිසා තම දියණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ යුතුවම තිබූ ශල්‍ය කර්මය සිදු කරන්නට නොහැකිවූ බවත් මේ හේතුවෙන් දියණියගේ ජීවිතයට අනතුරක් සිදුවුව හොත් ඊට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා වගකිය යුතු බවත් දක්වා දැරියගේ පියා අලුත්ගම පොලීසියටද ඊයේ (22) පැමිණිල්ලක් කැර තිබේ.

මෙම ශල්‍යකර්මය රෝහලේ පවතින උපකරණ වල පවතින අඩුපාඩු හේතුවෙන් නොකළ බවට ඒත්තු ගැන්වීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර මාධ්‍යයට මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ලබා නොදීමටද ඔවුන් වගබලා ගෙන ඇත.

රෝහලේ ඇති උපකරණ වල අඩුපාඩුවක් ඇත්නම් පොළොන්නරුවේ සිට මහනුවරට ගිලන් රථයකින් රැගෙන ආ මොළය මියගිය පුද්ගලයාගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත් කර යන්ත්‍රයකට සම්බන්ධ කිරීම දක්වා කටයුතු සිද්ධ කළේ ඇයිද යන්න දරුවාගේ පියා ප්‍රශ්න කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka