gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ල ප්‍රදේශයේ නිවසකින් ග්‍රෑම් 200 ක් බර බිත්තරයක්

ගාල්ල දික්කුඹුර අන්දුගොඩ පතනිගහවත්ත නිසල නිවසේ පදිංචි හීනටිගල විතානගේ කරුණාරත්න වයස (52) මහතා 2002 වර්ෂයේ සිට මේදක්වා  වසර 15 ක කාලයක සිට කුකුල් පාම් එකක් පවත්වාගෙන යයි.

කරුණාරත්න මහතාට දියණියන් දෙදෙනෙකු සිටන අතර වැඩිමහල් දියණිය ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියක් වන අතර බාල
දියණිය ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ  7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මේ වන විටත් බිත්තර දමන කිකිලියන් 500කට අධික ප්‍රමාණයක් සිටින බව කරුණාරත්න මහතා පවසයි. දිනපතා උදැසන බිත්තර එකතු කරයි. වෙනදා මෙන්  පෙරේදා (23) උදෑසන බිත්තර එකතු කරමින් සිටියදී වෙනදාට ලබා ගන්නා බිත්තර වලට වඩා ප්‍රමාණයෙන් විශාල බිත්තරයක් හමු වු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සාමාන්‍ය බිත්තරයටක වඩා මෙම බිත්තරය ප්‍රමාණයෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයෙන් යුක්ත වේ. සාමාන්‍ය බිත්තර සමග මෙම බිත්තරය තිබුවිට අනෙක් බිත්තරව වඩා විශාල බව මැනවින් දක්නට ලැබෙයි. සාමාන්‍ය බිත්තරයක් දිගින් අගල් 4ක් සහ වටප්‍රමාණය අගල් 6ක් පමණවේ.

නමුත් මෙම බිත්තරය දිග අගල් 5.5ක් පමණ වන අතර වටප්‍රමාණය අගල් 8ක් පමණ වේ.

සාමාන්‍ය බිත්තරයක බර ග්‍රෑම් 85-95ක් පමණ වන අතර මෙම බිත්තරයේ බර ග්‍රෑම් 200කට ආසන්නය. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම මෙම බිත්තරය දැක ඇති අතර ඔවුන් සියළුදෙනාම කරුණාරත්න මහතා සමග පවසා ඇත්තේ මීට පෙර මෙම ප්‍රමාණයේ බිත්තරයක් දැක නොමැති බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka