gossip lanka

ගිනිගනන් හාල් මිල තව නගින බව කියයි !

දැනට කිලෝව රුපියල් 100 ඉක්මවා ඇති සහල් මිල ඉදිරියේ දී තවදුරටත් වැඩි විය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා කියා සිටී.

දැනට ලොව ඇතිවෙමින් පවතින සහල් හිඟය ඊට හේතුව බවද ඔහු පවසයි.

අමෙරිකාව සහ කොරියාව නුදුරු කාලයේ දී යුද්ධයකට අවතීර්ණ වේ
යැයි පැතිර යන ආරංචි නිසා මේ වන විට ලෝකය පුරා ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවද පවසන ජයමාන්න මහතා හාල් ඉල්ලුමද ඉහල ගොස් ඇති බවද සඳහන් කළේය.

ඉන්දියාවේ මේ වන විට නාඩු සහල් මෙට්‍රික්ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 435 දක්වා ඉහල ගොස් ඇති බවත්, මීට පෙර එහි මිල අමෙරිකානු ඩොලර් 375 ක් බවද පැවසීය.

අද පවතින මිලට සහල් ආනයනය කළ විට ආනයන වියදම් සහ සෙසු වැය සමඟ නාඩු සහල් ඩොලර් 450 ද ඉක්මවා යා හැකි අතර ඒ අනුව සහල් කිලෝව රුපියල් සියයකට වඩා ඉහළ නැගිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරියේදී ආනයනික සහල් අද පවතින මිලට අලෙවි කළ නොහැකි වනු ඇතැයි ඔහු කියයි.

ආනයනික සහල් මිල ඉහළ ගිය විට එයට අනුරෑප ලෙස දේශීය සහල් මිල ද ඉහළ යනු යා හැකි බව ඔහු කියා සිටී.

රජයට අඩු මිලට සහල් අලෙවි කිරීමේ සැලසුමක් නොමැති වීම නිසා දේශීය සහල් කිලෝ 50ක මිටියකින් විශාල මෝල් හිමියන් රුපියල් 500කට අධික ලාභයක් ලබාගන්නා බව ද ඔහු පවසයි.

වෙන ලෝකෙක ඉන්න ජීවන වියදම් කමිටුව !

එසේම ලොකු ලූණු මිල ඉහළ යාමට හේතුව අපේ රටේ මෙවර ලූණු අස්වැන්න වෙනත් වසරවලට සාපේක්ෂව 5% ක අඩුවීම බවද ජයමාන්න මහතා කියා සිටී.

ලූණු සහ අලවලට මේ වන විට කිලෝවට රුපියල් 50ක බද්දක් රජය අය කරන බව පැවසූ ජයමාන්න මහතා තම සංගමය ජීවන වියදම කමිටු රැස්වීමේ දී මෙම බදු අඩු කරන ලෙස ඉල්ලුවද ප්‍රතිඵලයක් නොවූ බවද ඔහු හෙළිකළේය.



gossip lanka