gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාරුකළ ගුරුවරුන්ට බඩේ පාර !

එකම පාසලේ වසර 10 ක සේවා කාලයක් සපුරාලීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට මෙතෙක් පසුගිය මස වැටුප් ලැබී නැතැයි වාර්තා වේ.

එම ගුරුවරුන් සඳහන් කළේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.

මීට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවලින් යළිත් වරක් තමන්ගේ
අධ්‍යාපන සහතික ඇතුළු පිටපත් ලබාදෙන ලෙස දන්වා ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, ගුරුවරුන් මුහුණ පා ඇති මෙම දුෂ්කරතාව හේතුවෙන් සිසුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියට ද බාධා මතුව ඇති බවයි.

මේ පිලිබඳව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී එහි ලේකම් තිස්ස හේවාවිතාන මහතා සඳහන් කළේ, මෙවැනි ගැටලුවක් වාර්තා වී නොමැති බවයි.

මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka