gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කපයි - (photos)

මරණයට පත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අදට (26) යෙදී ඇති උපන්දිනය සමරා උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර තිබෙනවා.

මේ අතර ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
පහන් දල්වා මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියළුදෙනා වෙත ආරාධනා කරන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

පසුගිය වසරේදීද ශිවාජිලිංගම් ඇතුලු කණ්ඩායමක් යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සමරනු ලැබුවා.

ප‍්‍රභාකරන්ගේ උපන් ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ඊයේ (25) රාත‍්‍රියේදීද තරුණ කණ්ඩායම් කිහිපයක් විසින් අංක 63 සඳහන් කරමින් කේක් කපා සැමරුමක් සිදු කර තිබෙනවා.

ප‍්‍රභාකරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka