gossip lanka

බැංකුවට පැන පොඩ්ඩෙක් තර්ජනය කළැයි ලොක්කෝ ඉහළටම යති

රාජ්‍ය බැංකුවක  ශාඛා කළමණාකාර වරයෙකුට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.

වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුලු වී මෙලෙස ක්‍රියාකර
ඇති බව ශාඛා කළමණාකාර මහතා සහ ප‍්‍රාදේශීය කළමණාකාර මහතා විසින් එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව, මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ (20) දින අදාල ශාඛා කළමණාකාර මහතා විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.


gossip lanka