gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ ඝාතනය වුවන් වෙනුවෙන් ස්මාරකයක් !

වසර 2009 දී යුද්ධය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් එල්.ටී.ටී.ඊ. මහවිරු සොහොන් ඉවත් කළද එසේ ඉවත් කරන ලද සොහොන් කොත් එකතු කොට කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකොට ඇත.

මියගිය මහවිරුවන් වෙනුවෙන් නොවැම්බර් මස 27 වැනිදාට යෙදෙන
මහවිරු දිනයේ උතුරු පළාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කෙරෙන කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙම ස්මාරකය නිර්මාණය කොට ඇත.

මෙහි එක් සංවිධායකවරයකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතාද කටයුතු කරයි.

මියගිය මහවිරුවන් වෙනුවෙන් සිහිකිරීමට දැනට ඉතිරිව ඇති එකම සිහිවටන ඉවත් කරන ලද මහවිරු සොහොන් කෑලි හෙයින් එම සොහොන් කොටස් යොදා මෙම ස්මාරකය සෑදීමට මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් විසින් පියවර ගෙන ඇත.

මේ අතර 27දාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව මහවිරු සතිය පෙරේදා (21දා) සිට යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කීපයකදීම ආරම්භ කොට ඇත.

සටනේදී මියගිය තම පක්ෂ සාමාජිකයින් සැමරීමට කැරලි දෙකකට දායකවූ දකුණේ ජවිපෙ අවස්ථාව හිමිවුදව උතුරේ ජනතාවට මෙතෙක් එම අවස්ථාව ලැබී නොමැත.

තම තමන්ගේ වීරයන් සැමරීමට හැමෝටම අයිතියත් තිබේ. ඒ මිනිස් අයිතිය දකුණට මෙන්ම උතුරටත් හිමිවිය යුතුය.

ඡායාරූප - මාධව කුලසූරිය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka