gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අසත්‍ය ප්‍රචාරය කරන වෙබ් අඩවි ගැන CID විමර්ශන !

අසත්‍ය ප්‍රචාර පතුරවන වෙබ් අඩවිවලට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (22 දා) පැවැසීය.

මෑතකදී ගිංතොට ඇතිවූ සිද්ධිය වර්ධනය කිරීමට ඇතැම් වෙබ් අඩවි
පාදක වී ඇති බවට හෙළිවී ඇති බවත් එම වෙබ් අඩවි හරහා අසත්‍ය පතුරවනු ලැබූ පිරිස්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භකර ඇති බවත් ඊයේ (22 දා) කැබිනට්‌ මාධ්‍ය හමුවට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෑතකදී ගිංතොට සිද්ධිය සහ පෙට්‍රල් හිඟයක්‌ ඇති බවට අසත්‍ය ප්‍රචාර ගණනාවක්‌ සිදු කළ අය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙන විමර්ශනවලදී හෙළිවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබාදීමට අදහස්‌ කර ඇතැයි ද ඒ මහතා කීය.

විශේෂ පනතක් යටතේ නඩු :

විශේෂයෙන් ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුති පනත යටතේ නඩු පවරන බව ද ඒ මහතා කීය.

මෙම පනත යටතේ චෝදනා ලබා බන්ධනාගාරගත වන පිරිසට ඇප ලබා ගැනීමට මහෙස්‌ත්‍රාත් අධිකරණයකින් නොහැකි බවත්, ඔවුන් සාධාරණ හේතු දක්‌වා මහාධිකරණයකින් ඇප ලබාගත යුතු බවත් ඒ මහතා කීය.

ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 20 දෙනකු අත්අඩංගුවට ගෙන මේ මස 30 දක්‌වා බන්ධනාගාර ගතකර සිටින බවත් ඔවුන්ට ඇප ලබාගැනීම මහාධිකණයෙන් සිදුවිය යුතු බවත් පැවැසූ රුවන් ගුණසේකර මහතා ගිංතොට සිද්ධිය මේ වනවිට සියයට සියයකින් සමථයකට පත්ව ඇති බවත් පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka