gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කරයි

වෙඩි තබා දළ ඇතෙකු ඝාතනය කරන ලදැයි සැකපිට එක් සැකකරුවෙකු ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය සදහන් කරයි.

ඊයේ (29)  රාත්‍රියේ දී මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව  8 කණුව පදිංචි 48 හැවිරිදි අයෙකුවය.

සැකකරු සතුව තිබූ බෝර 12 බලපත්‍ර සහිත ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර ගල්ගමුවේ ඇත් දළ ලබා ගැනීම සඳහා වෙඩි තබා ඝාතනය කරන ලැදැයි සැළකෙන ගල්ගමුවේ දළ පුට්ටුවාගේ මරණ පරීක්ෂණය මේ වන විට එම සිරුර සොයා ගත් ස්ථානයේදි සිදු කෙරෙමින් පවතී.

මේ අතර වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ සිරුරක් පසුගිය 29 වැනිදා පෙරවරුවේ තබ්බෝව වැව් තාවුල්ලේ තිබී වන ජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි. වයස අවුරුදු 25 ක් පමණ වන මිය ගොස් ඇති ඇතාට අඩි 2 ½ක් පමණ දිග දල යුගලක්ද තිබී ඇත.එම සතාගේ දකුණු පාදයට වෙඩි වැදී තිබුණු බව වන ජීවී නිලධාරිහු කියති.

මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කළ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka