gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය

ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දඹුල්ලේදී  පැවති මාධ්‍ය හමුවක්
අමතමිනි.ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.

“ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම, සිතියම් ගත කිරීම ආදී සියලු කටයුතු ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිටි සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.  මේ සඳහා ඇමරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයින් පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක්.

මෙම ක්‍රියාවලිය නතර නොකළහොත් ශ්‍රී ලංකාවේ රක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් පැන නගිනවා. එමෙන්ම ඇමෙරිකාවෙන් ලබාදෙන විශාල ණය මුදලට වඩා ඉතා අඩු මුදලකින් දේශීය මිනින්දෝරුවන් සහ මිනුම් සහයකයන් යොදාගෙන ඉඩම් මැන සිතියම් කිරීමට හැකියාව පවතිද්දී අපේම භූමිය මැන සිතියම් ගත කිරීමට ඇමරිකාවට ලබා දීම බරපතල ප්‍රශ්නයක්“යැයි ඒ මහතා පවසයි.


-කාංචන කුමාර ආරියදාස
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka