gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙළිකොප්ටරයක් අහසේ සිට තේ කොළ පැකට් විසි කරයි.. ජන ජීවිත අනතුරේ..

සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය
මෙහි දැක්වෙයි.

සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ.

පොලිතින් නිෂ්පාදන තහනම් කරමින් පරිසරය ආරක්ෂා කිරීමට රජය උත්සහ කරද්දී ගුවන් මගින් දිරාපත් නොවන තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්තරා  සමාගමකට ඉඩ දී ඇත.

ඒ අනුව ඊයේ හෙළිකොප්ටර් යානයක් භාවිතා කරමින් අදාල සමාගමේ නිෂ්පාදන ගුවනේ සිට බිම දමනු ලැබීය.මෙසේ කිරීම ඉතා අවදානම් වන අතර කුඩා දරැවෙකුගේ හිසට මෙම තේ කොළ පැකට්ටුවක් වැටුනහොත් ඊට වගකියන්නේ කවුද යන්න අප ප්‍රශ්ණ කරන අතර බල්ලන් මරා හෝ සල්ලි හොයන රජයේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසද  අප රජයට බල කරමු.

මේ පිළිබදව වහා විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ද ලිඛිත ඉල්ලීමක් කර ඇත. එසේ නොකරන්නේ නම් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අප අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කරන බවද දන්වමු.

රංජිත් විතානගේ
සභාපති


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka