gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මියයන බවට අනාවැකි කියූ විජිත් රෝහණට වෙන්න යන දේ

අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අනාවැකියක් ලෙස සඳහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කිරීමේ වරදට අත්අඩංගුවට ගත් ජෝතිෂ්‍යවේදියෙකු ලෙසට පෙනීසිටි විජයමුණි විජිත් රෝහණ නැමැත්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් විමර්ශන උදෘත නීතිපතිවරයා
වෙත යොමු කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම සැකකරු මේ වනවිට ඇප මත මුදාහැර ඇති අතර නඩුව අප්‍රේල් මස 3දා යළි කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කර ඇත්තේ.

මෙම චෝදනාව දණ්ඩ නීති සංග්‍රහයේ 120 ප්‍රකාරව වරදක් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළා.

සැකකරු විසින් ජනාධිපතිවරයා මේ වසරේ ජනවාරි මස 26දා මියයන බවට අනාවැකියක් පළකර පසුව එය වෙනත් දිනක සිදු වන බවට නැවත අන්තර්ජාලයේ ප්‍රචාරය කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka