gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්ත්‍රී දූෂකයින් අත්අඩංගුවට ගන්නැයි කාන්තා සංවිධාන වීදි බසියි….

මීට සති 2 කට පෙර දී වවුනියාවේ දී සිදු වු සමූහ ස්ත්‍රි දූෂණයකට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්තඩංගුවට ගන්නා ලෙසටත් උතුරේ කාන්තා හිංසනයන් සිදු කරන්නන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස
ඉල්ලමින් (28) වව්නියාවේදී විරෝධතා පාගමනක් සංවිධාානය කොට තිබුණි.

වව්නියාවේ ක්‍රියාත්මක කාන්තා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතා පාගමන වව්නියාව නගර මධ්‍යෙය් සිට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කරනු ලැබීය.

එහිදී විරෝධතා කරුවන් කියා සිටියේ වව්නියාවේදී මීට සිති දෙකකට පෙර  දූෂණයට ලක් වු දැරිය වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අදාල දූෂණයට සම්බන්ධ අපරාධ කරුවන් සියළු දෙනා අත්තඩංගුවට ගැනීමට පොලීසිය අපොහෝසත් වී ඇති බැවින් මෙම අපරාධය පිළිබඳ විශේෂ අවධානය යොමු කොට දැරියට සාධාරණයක් ඉටු විය යුතු බවටයි.

එමෙන්ම උතුරු පලාතේ කාන්තා දූෂණයන් මෙන්ම කාන්තා හිරිහැර කිරීම් දිනෙන් දින වැඩිවී ඇති හෙයින් කාන්තා හිංසනය මැඩලීමට සියලු දෙනා එක්විය යුතු බවටද විරෝධතාවයේ නිරත කාන්තා සිංවිධාන විසින් වැඩි දුරටත් කියා සිටියහ.

විරෝධතාවයේ නිරත වුවන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධාන පතිරණ මහතා වෙත සංදේෂයක් භාර දුන් අතර එහිදී වව්නියාව දිසාපති වරයා විසින් අදාාල ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka