gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාර් එකේ ආපු නෝනා නටපු පිස්‌සුව නිසා තවත් වාහන පහකට හානි, 7 කට තුවාල

කාන්තාවක විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයක්‌ මීරිගම විජයරජදහන ප්‍රදේශයේදී ඊයේ (03 දා) පුද්ගලයන් හත් දෙනකුට තුවාල සිදුකරමින් හා තවත් වාහන පහකට අලාභහානි සිදුකරමින් අඹ ගසක ගැටී නතර වී ඇති බව මීරිගම පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර කුඩා ළමයි තිදෙනෙක්‌, පිරිමි දෙදෙනෙක්‌ හා
කාන්තාවෝ දෙදෙනෙක්‌ සිටිති. තුවාල ලත් කාන්තාවන් දෙදෙනා අතර මෝටර් රථය පැදවූ කාන්තාව ද සිටින බව පොලිසිය පවසයි. තුවාල ලත් සියලු දෙනාම මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි එක්‌ පිරිමි පුද්ගලයකු වතුපිටිවල මූලික රෝහලට මාරු කර යවා ඇත.

විජයරජදහන ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිට වේගයෙන් පැමිණ ඇති මෙම මෝටර් රථය අසල තිබූ ත්‍රිරෝද රථ දෙකක්‌, මෝටර් රථයක්‌ හා යතුරුපැදි දෙකක ද හැපී පාරේ ගමන් කරමින් සිටි හා අනතුරට පත් වූ වාහන වල සිටි පුද්ගයෙන් 6 දෙනකුට තුවාල සිදු කරමින් පස්‌යාල, ගිරිඋල්ල ප්‍රධාන මාර්ගය හරහා ගොස්‌ විශාල අඹ ගසක වැදී නැවතී ඇත. එම මෝටර් රථයට ද බරපතළ හානි සිදුව ඇත. පාරේ සිටි කාන්තාවක්‌ දිවි බේරාගෙන ඇත්තේ අඩි 20 ක්‌ පමණ ගැඹුරින් පිහිටි වෙල්යායකට පැනීමෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පදවාගෙන පැමිණි කාන්තාව මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීරිගම පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka