gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාර නොවූ හමුදා සෙබළු ඇල්ලීමට මෙහෙයුමක් අරඹයි !

ජනපති පොදු සමාව ප්‍රයෝජනයට නොගෙන හමුදාවට බාර නොවුණ පැනගිය සෙබළුන් හා ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් මේ සතියේ සිට ආරම්භ කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.

මෙතෙක් නොවූ පරිදි දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති බලගන්වා රැකවරණය
දෙන හා රැකියා ලබාදෙන සේවා යෝජකයන් මෙන්ම පවුලේ අයට වුවද වසර දෙකක සිරදඬුවමක් දියහැකි බව ඔහු කියා සිටී.

අදාළ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා අයට හා රැකවල් දුන් අයට නඩු පවරණ බවද ඔහු කීය.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදා සිට ඉකුත් නොවැම්බර් 22 වැනිදා දක්වා වූ පොදු සමා කාලයේදී නිලධාරීන් 24ක් ඇතුළුව 11,208 ක් හමුදාවට භාරවී නීත්‍යානුකූලව අස්වීම ලබා ගැනීමට කටයුතු කර තිබේ.

කෙසේවුවද, එම අවස්ථාව මඟහැර තවත් 28,000ක් සැඟව සිටින බවද පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka