gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියේ යයි කියමින් ත්‍රීවීල්වල ස්ටිකර් අලවන ජාවාරමක්

පොලිසියේ යෑයි පවසා ස්ටිකරයක් අලවා ත්‍රිවිලර් රථ රියදුරන්ගෙන් මුදල් එකතු කිරිමේ ජාවාරම්ක්  ක්‍රියාත්මක වන බවත් , බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් ඊට හසුවි මුදල් ලබා දි ඇති බවත් හැටන් නගයේ ත්‍රිරෝද රථ රියදුරන් පවසති.

ආසන්නම පොලිසියේ නම , දුරකථන අංක සහ පළාත මෙන්ම පොලිස් හදිසි දුරකථන අංක ද ඇතුලත් කර මෙරට ජනමාධ්‍ය ආයතනයක් රථවාහන අනතුරු අවම කර ගැනිම සදහා ජනතා අවධානය යොමු කරගැනිමට භාවිතා කරන ශිර්ෂපාඨයද ඇතුලත් කරන ලද ස්ටිකරටක් ත්‍රිවිලර් රථ වල අලවමින් මුදල් අයකර ගැනිමේ ව්‍යාපාරක් ක්‍රියාත්මක වේ.ස්ටිකරයේ ඉහලින්ම පොලිසියේ නිල ලාංඡනය මුද්‍ර‍ණය කොට ඇති අතර පොලිසියේ නිල වර්ණ වන නිල් සහ සුදු පාට යොදාගෙන තිබේ.ස්ටිකරය ඇලවීමත් සමග පොලිසියට තොරතුරු ලබා ගැනිම සදහා බව පවසමින් පොරමක් ලබා දුන් බව ත්‍රිවිලර් රථ රියදුරන් පැවසීය.එම අවස්ථාවේදිම රියදුරාගේ පුද්ගලික තොරතුරු හා ත්‍රිවිලර් රථය පිළිබද තොරතුරු සටහන් කර ගැනිමෙන් අනතුරුව ස්ටිකරය සදහා රුපියල් 150 ක මුදලක් අයකරගෙන තිබේ.

එම ස්ටිකරයෙන් රියදුරන්ට හෝ මගින්ට විශේෂ වාසියක් සිදු නොවුනත් පොලිසියට තොරතුරු එකතු කරන බව පැවසු නිසා මුදල් ගෙවිම හා තොරතුරු ලබා දුන් බව ඔවුන් පවසති.

හැටන් නගරයේ මෙන්ම බගවන්තලාව,නෝර්වුඩ් ආදි නගර සහ උප නගර රැසකත් මෙසේ මුදල් එකතු කිරිම ඉකුත් 18  වන දින සිදුකර  තිබේ.මෙම කටයුත්ත පොලිසියදැනුවත්ව කරන බව පැවසිමත් සමග  හැටන් නගරයේදි ත්‍රිරෝදරථ රියදුරන් දිගින් දිගටම ප්‍ර‍ශ්න කිරිම හා මධ්‍යට දැන්ම් දෙන බව පැවසු විට ඔවුන් පලා ගියබවත් රියදුරන් පවසති.

මේ සම්බන්ධව හැටක් කොට්ඨාශ සහකාර පොලිස් අධිකාරි දසනායක මහතාගෙන් විමසු විට පැවසුවේ එම කටයුත්ත සම්බන්ධව පොලිසියේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් හුදෙක්ම පුද්ගලික පිරිසකගේ හෝ සංවිධානයක ක්‍රියාවක් බවයි.නමුත් ඔවුන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ විස්තර පත්‍රිකාවක් පුරවා ගෙනත් දෙන බව පැවසු විට ඊට විරුද්ධ නොවු බව හා රියදුරන් කැමති නම් ස්ටිකරයක් ඇලවීම සම්බන්ධව විරෝධතාවයක් නොදැක්වු බවද පැවසිය.

හැටන් - චන්දන ජයවීර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka